ඇමෙරිකානු අධිපත්‍යය බිඳ වැටීමක් ගැන අනතුරු ඇඟවේ


ඇමෙරිකානු ආධිපත්‍ය බිඳවැටීමේ අවදානමක් පවතින බවට සිය සමුගැනීමේ කතාව කරමින් ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා ඉඟිකර තිබේ.

විශේෂයෙන්ම, පසුගිය මැතිවරණය සමග ඇති වූ ක්‍රියාවලිය හමුවේ රට තුළ ආර්ථික අසමතුලිතතාවක්, වර්ගවාදයක් මෙන්ම, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අවදානමක් පවතින බව පවසමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස සිය ආධාරකරුවන් හමුවේ පළකර තිබේ.

කෙසේ වෙතත්, ජනපති ඔබාමා සිය කතාවේදී තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ ඇමෙරිකානු අත්හදා බැලීම ගැන විශ්වාසයක් ඇති කරගන්නා ලෙසයි. ඔහු අත්හදා බැලීම ලෙස හඳුන්වාදී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

55 හැවිරිදි වියේ පසුවන ජනපති ඔබාමා ප්‍රථම වරට ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගනු ලැබුවේ වර්ෂ 2008 නොවැම්බර් මාසයේ දීය. 'ඔව්, අපිට පුළුවන්..!' යන තේමාවෙන් බලයට පැමිණි ඔහුගේ ධුර කාලය පිළිබඳ සෑම ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය පිළිබඳව මෙන්ම ලෝකයෙන් හඬගා කියන්නේ හොඳට වඩා නරක බවද අතිශෝක්තියක් නොවේ.

එදා තමන් රට භාරගන්නා අවස්ථාවට වඩා අද වනවිට වඩා ශක්තිමත් හා යහපත් ඇමෙරිකාවක් පවතින බව පවසා සිටි ඔබාමාට තවත් වසර 4ක් බලයේ රැඳී සිටින ලෙස සිය ආධාරකරුවෝ හඬගා කීහ. නමුත්, ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව ඔහුට එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් නොමැත.

විශේෂයෙන්ම මෙහිදී සිය බිරිඳ වූ මිෂෙල් මේ කාලය පුරාවට ඔහුට ලබාදුන් සහාය පිළිබඳව පවසන විට ඔබාමා කඳුළු සලන්නට විය.

ඇමෙරිකානුවන් එක් කණ්ඩායමක් ලෙස ජනතාව යළි යළිත් සිතිය යුතු කාලය උදාවී ඇති බවත්, රටක් ලෙස නැගී සිටීම් මෙන්ම, කඩා වැටීම්ද එකට එක්ව සිදුවිය යුතු බවත් ඔහු පවසා සිටියේය.

එමෙන්ම, තමන් ලොව බලවත්ම රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස එරට ජනතාව මෙන්ම සමස්ත ලෝකයටම සිදුකරන අවසන් ආමන්ත්‍රණය මෙය බවද ඔවු අවධාරණය කළේය.



Recommended Articles