ඇපල් ප්‍රධානියා තම ධනය දන් දීමට සූදානම්


තමාගේ මරණයට පෙර තම ධනයෙන් වැඩි කොටසක් පුණ්‍ය ආයතන වෙත පරිත්‍යාග කරන බව ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් පවසා සිටියි.

ෆෝචූන් සඟරාවට අදහස් දක්වමින් කුකු පවසා ඇත්තේ තම ධනයෙන් වැඩි කොටසක් පරාර්ථකාමය වෙනුවෙන් යොදවන බව පවසයි.

ඔහුද ලෝකයේ මහා ධන කුවේරයන් අතර පරාර්ථකාමය වෙනුවෙන් තම ධනය වැය කිරීමට බලාපොරොත්තු වන ලැයිස්තුවට ඇතුළත් වනු ඇත. ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් මේ වනවිටත් එම ලැයිස්තුවේ සිටියි.

මීට වසර පහකට පෙර වොරන් බෆට් සහ බිල් ගෙට්ට්ස් එකතුව විශේෂ පුණ්‍ය වැඩසටහනක් ආරම්භ කළේය.

මේ අතර, ටිම් කුක්ගේ මූලික වැටුප 2014 පෙබරවාරි මාසයේ සිට 43%කින් වැඩි වූ අතර, එය වසරටක ඇ.ඩො.මිලියන 9.2ක ඉහළ යෑමක් බවද කියයි.



Recommended Articles