අවුරුදු උදාවේදී තුර්කිය ලෙයින් තෙත්වෙයි


තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර රාත්‍රී සමාජ ශාලාවකට තුර්කි වේලාවෙන් අද (01දා) අලුයම 1.30ට පමණ එල්ල වූ ප්‍රහාරයකින් විදේශිකයන් 15 දෙනෙකු ඇතුළු 39 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයෙකු කරනු ලැබූ වවෘත වෙඩි තැබීමකින් මෙසේ පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ 69 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇත. 

ප්‍රහාරකයා ඉක්මනින් හඳුනාගැනීමට හැකි වෙනු ඇති බව තුර්කි රජය ප්‍රකාශ කරයි. සිද්ධියෙන් මරණයට පත්වූ 21 දෙනෙකුගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී 700කට ආසන්න පිරිසක් රාත්‍රී සමාජ ශාලාවේ සිට ඇති බවද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

_93195287_37492b41-4a54-4a85-967e-ac9ad432cdc2 _93195291_966fda17-317e-431a-88ea-480a4409705f _93195293_1b4c6341-9266-4e68-93e9-5fe2438270b2 _93195295_98bb38ff-54eb-463a-bbea-e98563cedeeb _93195680_b8cc1d25-3861-4006-a002-b5f95124d6df _93195752_reina

 



Recommended Articles