අවුන්ග් සාන් සුඛී ජයග්‍රහණය ගැන විශ්වාසයෙන්


මියන්මාරයේ ඓතිහාසික මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කර ඇති බව තමා විශ්වාස කරන්නේ යැයි අවුන්ග් සාන් සුඛී මැතිවරණයෙන් පසු ප්‍රථම සම්මුඛ සාකච්ඡාව ලබාදෙමින් බී.බී.සී.යට පවසා ඇත.

අවුන්ග් සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පැහැදිලි බහුතරයක් ලබා ඇති බව මේ වනවිට ගණනය කර ඇති ඡන්ද අනුව පැහැදිලි වන බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, වසර 25ක ඉතිහාසයේ වඩාත් නිදහස් මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමට දින කිහිපයක් ගතවනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මැතිවරණය සාධාරණව පැවැත්වීමක් නොතිබුණත්, එය නිදහසේ පැවති බව සුඛීද මෙහිදී පවසා සිටියාය.

 

 



Recommended Articles