අවදානමක් නිසා ලොස් ඇන්ජලීස් පාසල් වැසේ


කරුණු හෙළි නොකළ අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පාසල් හදිසියේ වසා දැමීමට තීරණය කර තිබේ.

බලධාරීන් මෙම අවදානම කවර ආකාරයේ අවදානමක්ද යන්න හෙළිකර නොමැති අතර, සියලු පාසල් දරුවන් වහාම සිය නිවෙස් වෙත යවා ඇති අතර, පාසල් බස් රථද එම නැවතුම්පොළවල් වෙත පිටත්කර යවා තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුවන බව ලොස් ඇන්ජලීස් පොලීසිය පවසයි.

ලොස් ඇන්ජලීස් නුවර ඇමෙරිකාවේ දෙවැනියට වැඩිම පාසල් සිසුන් පිරිසක් ගැවසෙන ස්ථානය වන අතර, සිසුන් 640,000ක් හා පාසල් 1000ක් පමණ එහි පවතී.

වසා දැමුණු සියලු පාසල් පොලීසියේ සෝදිසියට ලක්වන බවත්, මෙම අවදානම් තත්ත්වය පහව යනතුරු පාසල් වසා දැමෙන බවත් බලධාරීහු පවසති.



Recommended Articles