අලිබබා ලොක්කා ට්‍රම්ප් හමුවීමට ඇමෙරිකා එයි


අන්තර්ජාල ඊ-අලෙවිකරණයේ වඩාත් ප්‍රකට සන්නාමයක් වන චීනයේ අලිබබා වෙබ් අඩවියේ හා එම සමාගමේ හිමිකරු ජැක් මා තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට පැමිණ තිබේ.

නිව්යෝක් නුවර ට්‍රම්ප් කුලුණ වෙත හදිසියේම පැමිණි ජැක් මා තේරීපත් ජනපතිවරයා සමග හමුවෙන් අනතුරුව එම ගොඩනැගිල්ල පහළදී මාධ්‍යවෙත් අදහස් දක්වමින් පවසා සිටියේ ට්‍රම්ප් යනු විවෘත මනසින් යුතු පුද්ගයෙකු බවයි.

එමෙන්ම, අභිනව ජනාධිපතිවරයා මහත්මයෙකු බවද පවසා සිටි ජැක් මා, ඇමෙරිකාව හා චීනය අතර කුඩා ව්‍යාපාර මිලියනයක් බලගැන්වීමට මෙහිදී සාකච්ඡා පවත්වා තිබේ. එමෙන්ම, මේ තුළින් ඇමෙරිකානු භාණ්ඩ චීන වෙළෙඳ පොළ වෙත යොමුකිරීම වේගවත් කරන බව පවසා ඇති ඔහු, දෙරට අතර සබඳතා වඩාත් සුහදත්වයෙන් මෙන්ම වඩාත් පහසුවෙන් සිදුකළ හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවද පවසා තිබේ.

කෙසේ වෙතත්, ජනපතිවරණය සමයේදී චීන ආනයන වෙත තීරු බදු ඉහළ දැමීමේ කතාවක් මෙන්ම, චීන ආර්ථිකය හමුවේ ඇමෙරිකාව ගිල ගැනීමට නොදෙන බවද පවසා තිබුණි.

 



Recommended Articles