අලිබබා තමාගේම වාර්තාවක් බිඳියි


චයිනාස් සින්ගල්ස් ඩේ නමැති ලෝකයේ විශාලතම අනර්තජාල වෙළෙඳාම් වැඩසටහනේදී තමන් විසින්ම තැබූ වාර්තාවක් අලුත් කිරීමට ඉ-වාණිජ්‍යයේ ප්‍රමුඛයෙකු වන අලිබබා වෙබ් අඩවිය සමත්ව තිබේ.

ඒ අනුව, මෙම සින්ගල්ස් ඩේ වැඩසටහනේ පැය 24ක් තුළ ඇ.ඩො.බිලියන 8.96ක් වටිනා විකුණුම් සිදුකරමින්, පසුගිය වසරේ මෙම සමස්ත වැඩසටහනේම සිදුකළ විකුණුම් ඉක්මවා ගොස් තිබේ.

එම වෙබ් අඩවිය පවසන්නේ මෙම වැඩසටහන ආරම්භ වූ ප්‍රථම විනාඩි 8 තුළ පමණක් ඇ.ඩො.බිලියනයක් ඉක්මවූ විකුණුම් සිදුකර ඇති බවයි.

මෙම සින්ගල්ස් ඩේ වැඩසටහන චීන අන්තර්ජාල වෙළෙඳාමේ ප්‍රකට වැඩසටහනකි. 



Recommended Articles