අයිස්ලන්ත ගිනිකන්ද ලාවා පිටවේ - ගුවන් ගමන් අවදානම් කලාපයක්


බර්දාර්බුන්ගා ගිනිකන්ද තවදුරටත් සක්‍රීය වීමත් සමග අයිස්ලන්ත ගුවන් කලාපයේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්, දැනට සිදුව ඇති පිපිරීම්වලදී එතරම් ප්‍රබල විදාරණයක් දක්නට නැතති බවද වාර්තා වෙයි.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, ගිනිකඳු මුදුනේ සිට අඩි 6,000ක් පහතින් ගුවන් යානා ගමන් කිරීම තහනම් කර තිබේ.

අයිස්ලන්තයේම අයිජෆ්ජල්ලාජොකුල් ගිනිකන්ද 2010 වසරේදී විදාරණයට ලක්වීම හේතුවෙන් යුරෝපය පුරා ගුවන් ගමන් අඩාල විය.

කෙසේ වෙතත්, අද (31දා) සිදුව ඇති පිපිරීම එතරම් ප්‍රබල තත්ත්වයේ නොවූවත්, ලාවා පිටවීම දිගින් දිගටම සිදුවන බව කියැවෙයි.

 

 



Recommended Articles