රුසියාවේ බැංකු, ආරක්ෂක හා බලශක්ති සමාගම්වලට එරෙහිව ඇමෙරිකාව විසින් නව සම්බාධක රැසක් තර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව සම්බාධක තර කිරීමේ පියවරට සහාය දැක්වීමක් ලෙස ඇමෙරිකාවද මෙම පියවර ගෙන ඇති අතර, රුසියාව යුක්රේනය වෙත සිදුකරන අතපෙවීම් වළක්වන ලෙස බල කිරීම මෙහි අරමුණ බව කියැවෙයි.
කෙසේ වෙතත්, රුසියාවට එරෙහිව යුරෝපා සංගමය සම්බාධක තර කිරීම තුළින් නැගෙනහිර යුක්‍රේනයේ සාම ප්‍රයත්නයට බාධා පමුණුවන බව රුසියානු විදේශ ඇමති සර්ජි ලව්රෝව් ප්‍රකාශ කරයි.
මේ අතර, යුරෝපා සංගමයේ අලුත්ම සම්බාධක ඉලක්ක වී ඇත්තේ රුසියාවේ ඛණිජතෙල් වෙළඳාම, ආර්ථික සහ ආරක්ෂක අංශ වෙතය.
මීට අමතරව තවත් රුසියානු බලධාරීන් සහ යුක්රේන කැරලි නායකයන් 24 දෙනෙකුගේ විදෙස් ගත දේපළ අත් හිටුවීමටත් ඔවුන්ගේ වීසා බලපත්‍ර තහනම් කිරීමටත් පියවර ගෙන තිබේ.
මේ අතර යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාවට ඈඳා ගත් ක්‍රිමියානු කලාපයද යළි යුක්රේනයට ලබාගන්නා බවයි.
මෙය හමුදා මාර්ගයෙන් සිදුවීම අත්‍යවශ්‍ය නොවූවත් ස්ථිර වශයෙන්ම ක්‍රිමියාව යළි භාරදීම සිදු විය යුතු බවයි ඔහු කියා සිටියි.
යුරෝපා සංගමය සමග සහයෝගිතා ගිවිසුමක් ඇති කර ගැනීම අනුමත කර ගැනීමට අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් කරන බවද යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබේ.