අත්ලාන්තික් කලාපයට ඉහළින් අසාමාන්‍ය සුළි කුණාටුවක්


අත්ලාන්තික් කලාපයට ඉහළින් ඇතිවී තිබෙන උප-නිවර්තන කුණාටුවක් වර්ෂ 1938න් පසුව ඇතිවූ ප්‍රබල චණ්ඩ මාරුතයක් බවට පරිවර්තනය වෙමින් පවතී.

සුළි කුණාටු පිළිබඳ ඇමෙරිකානු ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ඇලෙක්ස් යනුවෙන් නම්කර ඇති මෙම චණ්ඩමාරුතය අසෝරස් දූපතේ සිට කිලෝමීටර් 1,260ක් නිරිතදිගින් පවතින අතර, පැයට කිලෝමීටර් 140ක් ඉක්මවන සුළං ඇති කරන බවයි.

ඒ අනුව, මෙම සුළි කුණාටුව සිකුරාදා වනිවිට ඊසානදිග දෙසට ගමන් කරමින් අසෝරස් දූපත වෙත ඇතුළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

අත්ලාන්තික් සුළි කුණාටු කලාපයට කලින්ම ඇතුළු වූ සුළි කුණාටුවක් ලෙස මෙය සැලකෙන අතර, මේ ආකාරයෙන් වසරේ මුලින්ම මෙවැනි සුළි කුණාටුවක් වාර්තා වන්නේ 1938 න් පසුවය.



Recommended Articles