“රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහනට නිර්මාණ භාර ගන්නා කාලය ජූලි මස 10 තෙක් දීර්ඝ කෙරේ


කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින දරුවන්ගේ නිර්මාණ හැකියාව දියුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද “රටක් වටින පොතක් ” ලිවීමේ ජාතික වැඩසටහනට අදාළ සියලුම සිසු නිර්මාණ 2020 ජුනි මස 30 දිනට පෙර පාසල් වෙත භාර දීමට නියමිතව තිබුණි. එහෙත් පාසල් ආරම්භ කිරීම 2020 ජූලි 06 වැනි දින සිට අදියර කිහිපයකින් සිදුකරන බැවින් එම නිර්මාණ භාර ගැනීමේ අවසාන දිනය 2020 ජූලි 10 වන දින දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව, 2020 ජූලි 10 දින වන විට එම නිර්මාණ විදුහල්පතිවරුන් විසින් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත භාර දිය යුතු වන අතර, සිසුන් විසින් 2020 ජූලි 08 දිනට පෙර තම නිර්මාණ පාසල් වෙත භාර දිය යුතු වේ.



Recommended Articles