“මැලිබන් පුනරුත්තාපන ඒකකය”නිරීක්ෂණයට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා යයි


කරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධව පවත්වාගෙන යන “මැලිබන් පුනරුත්තාපන ඒකකය” නිරීක්ෂණය කිරීම සදහා පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ගියේය.

මෙම අවස්ථාව සදහා දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් සමන් පාඬිකෝරාල, ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් සුමිත් ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

මෙම පුනරුත්තාපන ඒකකය ගාල්ල ,අක්මීමන තලගහ ප්‍රදේශයේ පිහිටුවා ඇත.

සිරංගිකා ලොකුකරවිට



Recommended Articles