’’රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?’’ කියන්න විමල්ලා රට වටේ යයි


"රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?" යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබේ. එහි පළමුවැන්න අද (11දා) සවස 5:00ට පානදුර, තල්පිටිය "වයිට් හෙවන්" හෝටලයේ දී පැවැත්වේ.

මෙම සම්මන්ත්‍රණ මාලාවට කථිකයන් ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති උදය ගම්මන්පිල, අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමි, නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද එක් වනු ඇත.



Recommended Articles