පවතින තත්ත්වය තුළ දෛනිකව විදුලි කප්පාදු කිරීමසඳහා අවසර ලබාදෙන ලෙසවිදුලිබලමණ්ඩලය විසින් සිදුකර තිබෙන ඉල්ලීම පිළිබඳ සලකා බැලීම සඳහා තුන්වැනි වතාවටත් අද (31දා) දින මහජන උපයෝගීතා කොමිෂම රැස්වේ.
පසුගිය 24වැනිදා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමෙන් මෙම ඉල්ලීම් කර තිබූ අතර, මේ අනුවපසුගිය 25වැනිදා මේ පිළිබඳ සලකා බැලීමට කොමිෂම රැස් විය.
මේ අනුව එදින වනවිට විදුලිබලාගාර ආශ්‍රිතව පැවති ඉන්ධන තොග සලකා බලා පසුගිය 27වැනිදා දක්වා විදුලි කප්පාදු කිරීමට අවසර ලබා නොදීමට කොමිෂම තීරණය කළේය.
ඉන්පසුව පසුගිය 27වැනිදා යළිත් වතාවක් කොමිෂම රැස් වූ අතර, එහිදී අද(31දා) දක්වා විදුලි කප්පාදු කිරීමට විදුලි බලමණ්ඩලයට අවසර ලබානොදීමට තීරණය කරනු ලැබිණි.
මේ අනුව අද (31දා) යළිත් කොමිෂම රැස් වී පවතින ඉන්ධන තොග පිළිබඳ පරීක්‍ෂා කර බලා ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යද නැද්ද යන්න සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
දැනට නවතා දමා තිබෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට අවශ්‍ය බොරතෙල් තොගයක් ලැබීමට නියමිතව තිබෙන නිසා ඉදිරියේදී විදුලිබලාගාරවලට අවශ්‍ය දැවිතෙල් ලබාදීම ගැටලුවක් නොවන බවට වාර්තා වේ.