’අම්මට හොඳ දුවෙක් වෙන්න බැරිවුණා’ යැයි පණිවිඩයක් තබා සිසුවිය දිවි නසා ගනියි


මුහුණු පොතෙන් හදුනාගත් ප්‍රථම ප්‍රේමයේ  පෙම්වතා හමුවු ප්‍රථම දිනයේදීම අතවරයට ලක්වීම නිසා සිත් තැවුලට පත් පාසල් සිසුවියක සියදිවි නසාගැනීමේ පුවතක් බදුල්ලෙන් වාර්තාවිය,

බදුල්ල ධර්මරාජ මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන වේවැල්හින්න,රිල්පොල පදිංචි ඩබ්ලිව්.එම් නෙතු සාරංගි සිසුවිය ඖෂධ වැඩිපුර පානය කිරී‍‍‍මෙන් සියදිවි නසාගෙන ති‍බෙන බව පොලිසිය කියයි,

"අම්මා ඔයාට මං ගොඩාක් ආදරෙයි,මං නිසා මොකුත් කරගන්න එපා,අමිමා පරිස්සමෙන් ඉන්න මට ඔයා ‍හොද අමිමා ‍‍‍කෙනෙක්.අම්ට ‍හොද දු‍‍වෙක් වෙන්න මට බැරි වුනා,මට සමා‍වෙන්න රත්තරන්බායි අමිමා" යනු‍වෙන් ජංගම දුරකතනයට වට්ඇප් පරණිවිඩයක් යවා ඖෂධ පානය කිරී‍‍‍මෙන් සියදිවි නසාගත් සිසුවියකගේ අවසන් කටයුතු ඊයේ 06 සවස සිදුවිය,

පසුගිය 03 පුද්ගලික පංතියකට ගිය සිසුවිය මුහුණු පොතෙන් හදුනාගත් තම පෙම්වතා  සමග ත්‍රිවිලරයකින් බදුල්ල සරුංගල් කන්දට ගොස් ‍පෙම් සුව විදිමින් සිටියදි තරුණයා ඇයව අතවරයට ලක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලින්  තහවුරුකර‍ගෙන තිබේ,

සිසුවිය සවස නිවසට පැමිණ ඇගේ මිත්තණිය අධි රුධිපීඩනයට ගන්නා ඖෂධ වැඩිපුර පානය කිරීමෙන් පසු ඇති වු රෝගි තත්වයක් මත බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ගනිමින් සිටියදි ඇය 05 දින මිය ගිය බව පොලිසිය කියයි,

සිද්ධිය සම්බන්දයෙන් ඇගේ පෙම්වතා වන බදුල්ල සොරණාතොට පදිංචි23 හැවිරිදි තරුණයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය,

මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේදි පවත්වා ඇය අතවරයට ලක්ව සිටින බවට වාර්තාවක් ‍ඉදිරිපත් කර තිබෙන බව පොලිය කියයි,

බදුල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම් රත්නායක මහතා ඇතුළු නිළධාරීන් පරීක්ෂන ආරම්භ කර තිබේ,

ප්‍රසන්න පද්මසිරි



Recommended Articles