‘සිරි දළදා වන්දනාව’ට පොලිම් වල ඉන්න අයට දැනුම් දීමක්


මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් මහනුවර ශ්‍රි දළදා මාලිගාවේදී පැවත්වෙන ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් පොලිම් වල රැඳී සිටිමේදි බැතිමතුන්ගේ සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම අවම කර  ගැනීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම ජලය පානය කිරීමට කයුතු කළ යුතු බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.

මෙහිදි ශරීරයට අවශ්‍ය ජලය නොමැති වීම නිසා විජලන තත්ත්වයක් ඇති වන බවත්, ඒ සඳහා ජීවනි දියකරගත් ජලය විටින් විට පානය කිරීම හැකි නම් එය වඩාත් සුදුසු බවත්, වෙනත් ඕනෑම පානයක් උවද භවිතා මේ සඳහා භාවිතා කළ හැකි බවත් ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.

වැසිකිලි අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නොහැකි වේ යයි යන බියෙන් ජලය පානය නොකිරීම සිදු නොකළ යුතු බවත්  සෑම බැතිමතෙකුම ජල බෝතලයක් ලඟ තබා ගැනීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා අවධාරණය කළේය.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව අවශ්‍ය පානිය ජලය, මහනුවර මහ නගර සභාව විසින් ජල කරාම මගින් සහ ජල ටැංකි මගින් පොලීන් මාර්ගවල සවි කර ඇති අතර ජලය නොමිලේ ලබා දීමට ද පියවර ගෙන ඇත.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles