‘එරිස්’ ගැන අනියත බියක් එපා


එංගලන්තයේ මේ දිනවල පැතිර යමින් පවතින කෝවිඩ්-19 ‘එරිස්’ ප්‍රභේදය පිළිබඳ මෙරට සෞඛ්‍යඅංශ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව සුපුරුදු කෝව්ඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මෙම ප්‍රභේදයෙන් ආරක්‍ෂා වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.

කෙසේවුවද, එරිස් ප්‍රභේදය පිළිබඳ මෙරට ජනතාව අනිසි බියක් ඇතිකරගත යුතුනොමැති බවද මේ පිළිබඳ 'අද' කළ විමසීමේදී හම්දානි මහතා වැඩිදුරටත්පැවසීය. 



Recommended Articles