‍‍වාද්දුව හා කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි


විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හෙට පෙ.ව 8.30 සිට පස්වරු 7.30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,කළුතර උතුර සහ දකුණ ,කටුකුරුන්ද ,නාගොඩ ,බෙන්තොට ,බෝම්බුවල ,පයාගල ,බේරුවල ,මග්ගොන ,අලුත්ගම,දර්ගානගරය සහ කළුවාමෝදර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.



Recommended Articles