‍මොනරාගල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් තුන්දහස ඉක්මවයි


මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් ඊයේ (21) කොවිඩ් 19 ආසාදිත රෝගීන් තිස්එක් දෙනෙකු හමුවූ බැව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමෙන් හමුවූ රෝගීන් සංඛ්‍යාව මෙසේය.

බඩල්කුඹුර14 ,වැල්ලවාය 06,සියඹලාණ්ඩුව 04, බුත්තල 03,මොනරාගල 02,මඩුල්ල 01,කතරගම 01

මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවූ මුළු කොවිඩ් 19  රෝගීන් සංඛ්‍යාව 3,250 කි.

පුද්ගලයින් 961 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles