‍පාන්දර 4ට ටියුෂන් පටන් ගන්නේ, අද යන්ත්‍ර වගේ දරුවෝ ඉන්නේ


වර්තමානය වන විට උපකාරක පංති අලුයම 4ට ආරම්භ කරන තැනට පත්ව ඇති බවත් පාසල් ආරම්භ වන්නේ උපකාරක පංති අවසන් වීමෙන් පසුව බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

යළිත් පාසල් අවසන් වීමෙන් අනතුරුව අලුයම එක දෙක වන තෙක් උපකාරක පංති පැවැත්වෙන බවත් වර්තමානය වන විට ළමුන් යාන්ත්‍රික වී ඇති බවත් ජනපතිවරයා පැවැසීය.

ඒසේම එකම ළමයෙක්වත් ඇතුළත් නොවූ පාසල් 98ක් ඇති බවත් ජනපතිවරයා මෙහිදී පැවැසීය. 

පාසල් 115ක ළමුන් 10කට අඩු බවත්,

 පාසල් 406ක ළමුන්  20කට අඩු බවත්,

පාසල් 752ක ළමුන් 30ට අඩු බවත්,

පාසල් 1141ක ළමුන් 40ට අඩු බවත්

පාසල් 1506ක ළමුන් 50ට අඩු බවත්

ළමුන් 100ට අඩු පාසල් 3144ක් පවතින බවත් ජනපතිවරයා මෙහිදී පැවැසීය.

මේ අනුව ඇතැම් පාසල් පාසල් දැමිය යුත් බවත් සමහර පාසල් ඒ්කාබද්ධ කළ යුතු බවත් ජනපතිවරයා සහන් කළේය. ළමුන් දෙදෙනෙක් හා ගුරුවරු දෙදෙනෙක් මෙන්ම, ළමුන් තිදෙනෙක් හා ගුරුවරු තිදෙනෙක් මෙන්ම ළමුන් හතරක් හා ගුරුවරු හතරක් සිටින පාසල්ද ඇති බවත් ඔහු පැවැසීය.

දරුවෙකුට ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදෙන පාසලක් ලබාදීමට රජය කටයුතු කරන බවද ඔහු පැවැසීය.

 



Recommended Articles