​සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලක්ෂ 55ක ආදායමක්


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත්  දිවයින පුරා තිබෙන සත්‍ය උද්දාන තුනක සහ සපාරි පාක් උද්‍යානයෙන් ඉකුත් (25) නත්තල් දින සහ ඊයේ (26)  දෙදින ලද සම්පූර්ණ  ආදායම රුපියල් පනස් හතර ලක්ෂ අනූ අට දහස් තුන්සිය දහනමයක් බව එහි අධ්‍යක්ෂක ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

එම උද්‍යාන කරා ඉකුත් 25 වැනි දින නරඹන්නන් 12807 කුත් 26 දින නරඹන්නන් 18358 පැමිණ ඇතැයි අධ්‍යක්ෂකවරිය කීය.

දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්ව උද්‍යානය මෙන්ම රිදියගම සපාරි පාක් උද්‍යානයෙන් මෙම ආදායම ලැබී ඇතැයි අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය 



Recommended Articles