​බූස්ටරයට දැඩි උනන්දුවක්


කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට තෙවැනි මාත්‍රාව ලබාගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් දන්නට ඇති අයුරු පෙනෙන්නට තිබේ.

මේ අනුව පසුගිය දින තුනක කාලය තුළදී දිනකට 70000ක් බැගින් එන්නත් ලබාගැනීමට කටයුතු කර තිබුණි. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ දත්ත අනුව මේ බව පෙනෙයි.

ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. මේ වන විට පුද්ගලයන් 6 462 786ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

පසුගිය දින තුන තුළදී තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබූ අයුරු

17දා - 70987

18 දා -71639

19දා - 79164



Recommended Articles