​දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළට


දකුණු පළාතේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ  (26) අලුතින් වාර්තා වූයේ ආසාදිතයන් 04 දෙනෙකු බවයි. මෙම හතරදෙනාගෙන් දෙදෙනකු මාතර දිස්‍ත්‍රික්කයෙන් ද දෙදෙනකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් අලුතින් ආසාදිතයන් වාර්තාවී නොමැත. මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් දෙදෙනා කොටපොල සහ මාලිම්බඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් වාර්තාවී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයින් දෙදෙනා වාර්තාවී ඇත්තේ අගුණුකොළපැළැස්ස හා සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලිනි.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 56ක් දක්වා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහල ගොස් ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 164කි.

ගාල්ල සිරංගිකා ලොකුකරවිට



Recommended Articles