ෆයිසර් හෝ මොඩර්නා එන්නත් විදෙස් ගතවන සිසුන්ට පමණයි


යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.

අදාළ එන්නත් ලබාගැනීම සඳහා විදෙස් ගතවන බවට වූ ලිපිලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්යය බව​ට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේය.

දේශීය විශ්වවිද්‍යාල සඳහා යන සිසුන්ට මොඩර්නා හෝ ෆයිසර් එන්නත දෙන බවට මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles