ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක ප්‍රදානයක්


කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රාා ලක්ෂ 4ක් අද (30දා) දින උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් , කටුනායක  ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

කිලෝ ග්‍රෑම් 5,356 ක් බරැති  මෙම එන්නත් තොගය , පෙට්ටි 77 ක අසුරා තිබේ .

මුලින්ම මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .

ඉන්පසුව එතැන් සිට , මෙම එන්නත් තොගය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.37 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.

 



Recommended Articles