ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට


මෙරට  එන්නත්කරණ වැඩසටහන සදහා යොදා ගැනීමට ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්   , ඇමෙරිකාවේ " ෆයිසර් " එන්නත් , තවත් මාත්‍රා ලක්ෂයක් අද දින අලුයම දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

මෙම එන්නත් කිලෝ ග්‍රෑම්  460 ක් බරැති , පෙට්ටි 13 තුළ අසුරා තිබුණි .

මුලින්ම මෙම එන්නත් නෙදර්ලන්තයේ , ඇමස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි .

එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද  දින අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ආනයන  භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .

 



Recommended Articles