ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් දිවයිනට


ඇමෙරිකාවේ " ෆයිසර් " එන්නත් තවත් මාත්‍රා 608,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

කිලෝ ග්‍රෑම් 1,818 ක් බරැති මෙම එන්නත් තොගය පෙට්ටි 53 ක අසුරා තිබුණි .

මෙම එන්නත් තොගය මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා තිබුණි.

ඉන් අනතුරුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.15 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

 



Recommended Articles