ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක් දිවයිනට


ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකානු " ෆයිසර් " එන්නත් මාත්‍රා 608,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද ප්‍රකාශ කළේය .

ශ්‍රී ලංකාව විසින් මිළදී ගැනීම සදහා ඇනවුම් කර ඇති " ෆයිසර් " එන්නත් මාත්‍රා 50 ලක්ෂයක ( මිලියන 05) ක ප්‍රමාණය අතුරින් , මේ වනවිට ලක්ෂ 10 ක (මිලියන 01) ක එන්නත් මාත්‍රා තොගයක් මේ ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .

එම  ඉතිරි එන්නත් ලක්ෂ 40 ක තොගයේ පළමු එන්නත් තොගය මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බවත් , ඉතිරි එන්නත් මාත්‍රා තොග ද ලබන නොවැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .

එමෙන්ම මීට අමතරව මෙම " ෆයිසර් " එන්නත් තවත් මාත්‍රා එක් කෝටි හතලිස් ලක්ෂයක ( මිලියන 14 )ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් , තම ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කර ඇති බවත් , එම එන්නත් මෙම දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් දිනූෂ දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

 

අද දින ගෙන ආ කිලෝ ග්‍රෑම් 1,817 යි ග්‍රෑම් 800 ක් බරැති මෙම           " ෆයිසර් " එන්නත් තොගය , පෙට්ටි 53 ක අසුරා තිබුණි .

මේවා මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි .

ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

 

 



Recommended Articles