ෆයිසර් එන්නත් තොගයක් කටුනායක ගුවන් තොටුපළට


ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළදී ගත් " ෆයිසර් " එන්නත් මාත්‍රා 13,43,160 ක් 12/05 දින සවස ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ගෙනැවිත් තිබුණි .

කිලෝ ග්රැම් 3,782 ක් බරැති මෙම එන්නත් තොගය පෙට්ටි 230 ක අසුරා මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත , ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .

ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් 12/05 දින සවස 06.11 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කළ මෙම එන්නත් තොගය , පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ



Recommended Articles