ෆයිසර් එන්නත් තොගයක් කටුනායක ගුවන් තොටුපළට


ශ්‍රී එන්නත්කරණ වැඩසටහන යටතේ , ශ්‍රී ලාංකිකයන් වෙත තෙවන එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සදහා ඇමෙරිකාවේ " ෆයිසර් "එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් 11/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

ඒ අනුව කිලෝ ග්රැම් 5,055 ක් බරැති මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .

ඉන්පසුව මෙම එන්නත් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් 11/22 දින අලුයම 12.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමෙන් පසුව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .



Recommended Articles