ෆයිසර් එන්නත් තොගයක් කටුනායක ගුවන් තොටුපළට


ඇමෙරිකානු " ෆයිසර් " එන්නත් 202,000 ක ප්‍රමාණයක් 11/07 දින රාත්‍රී  කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දෝහා සිට රැගෙන විත් තිබේ .

මෙම එන්නත් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට පළමුවෙන්ම  ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබේ .

කිලෝ ග්රැම් 1204 ක් බර මෙම එන්නත් තොගය පෙට්ටි 35 ක අසුරා තිබේ .

එතැන් සිට මෙම එන්නත් තොගය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 8040 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මගින් 11/07 දින රාත්‍රී 07.13 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

 ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත , ඔවුන්ගේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .



Recommended Articles