ළමා රෝහලේ කොවිඩ් දරුවන් 200 දෙනෙක්


මේ වන විට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ඊට අනුබද්ධිත රාජගිරිය ආයුර්වේද රෝහලේ ළමා වාට්ටුවේ කොවිඞ් ආසාදිත දරුවන් 200 දෙනකු පමණ ප‍්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ළමා රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටි කොවිඞ් ආසාදිත දරුවන් 16 දෙනකු මේ වන විට මියගොස් ඇතැයි ද හෙතෙම කීය.

මේ වන විට ළමා රෝහලේ ස්ථාපිත කොවිඞ් ළමා වාට්ටු පහක දරුවන් 160 දෙනකු ද ළමා රෝහලට අනුබද්ධ රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත කොවිඞ් ළමා වාට්ටුවේ දරුවන් 50 දෙනකු පමණද ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය.



Recommended Articles