හෝමාගම රෝහලේ හෙද නිලධාරිනියන් පිරිසක් නිරෝධායනයට


හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිනියක ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට 20 දා තහවුරු වූ බව  රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

මේ හේතුවෙන් ආසාදිත හෙදියගෙ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම සේවයේ නියුතු හෙද නිලධාරිනියන්  දසදෙනෙකු ස්වයං නිරෝධායනයට  ලක් කල බව පැවසේ .
කොරෝනා රෝග ලක්ෂන පැවතීම හේතුවෙන් 19 දා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබුණි.

ඒ අනුව ආසාදිත හෙදිය ප්‍රතිකාර සඳහා  හෝමාගම මූලික රෝහලේම පහ වාට්ටුවට ඇතුළත් කළ බව රෝහල්  අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න



Recommended Articles