හොරොව්පතානට මත්කුඩු බෙදූ ඩෙලෝගේ නිවස වටලයි, බිරිඳ අත්අඩංගුවට


පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් හොරොව්පොතාන ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය අලවිය හා එම ප්‍රදේශයට වෙනත් ප්‍රදේශ වලින් මත් ද්‍රව්‍ය රැගෙන ආ මහා මොලකරුගේ බිරිද සහ තවත් සැකකරුවෙකු අයිස් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 16 ක් සහ ගංජා සමග අත් අඩංගුවට ගත් බව හොරෝවිපොතාන පොලිසිය කියයි.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ නිකවැව , හොරොව්පොතාන ලිපිනයේ පදිංචි සමරතුංගගේ මධුශානි ලක්ෂිකා සමරතුංග නැමති 26 හැවිරිදි සැකකාරිණියක් සහ වැලිමුවපොතාන , හොරොව්පොතාන ලිපිනයේ පදිංචි රත්නපාලගේ මලිදු දිල්ශාන් රත්නපාල නැමැති  18 හැවැරිදි සැකකරුවෙකි.

ඊයේ දින(11) සවස 6.00 ට පමන හොරෙව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දයානන්ද මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම  සිදු කර ඇත.

වැටලීම සිදු කළ අවස්තාවේ මෙම ජාවාරමේ මහා මෙල කරු වන (ඩෙලෝ) නැමති අනුවර්තන නාමයෙන් හදුන්න ඉංදික ප්‍රබෝධ ගම්මන්පිල නැමති මත්කුඩු ජාවාරම් කරු නිවසින් පලා ගොස් සිට බව පොලිසිය පවසයි.

අනතුරුව ඔහුගේ නිවස පරික්ෂා කරමින් අයිස් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 16 ක් සහ  ගංජා ග්‍රෑම් 35 ක් සොයාගෙන ඇත. එහිදී එම ජාවාරම්කරුගේ බිරිද හා ගෝලයෙකු ද අත් අඩංගුවට ගැනීමටද පොලිසිය සමත්ව ඇත. 

සිිිඩ්නි රුවන්



Recommended Articles