හොරොයින් හා ගිනි අවි සමග ලංකා බෝට්ටුවක් ඉන්දීය අත්අඩංගුවට


හෙරොයින්, ඒ.කේ. 47 ගිනි අවි, ගනි අවි උණ්ඩ සමග ශ්‍රී ලාංකාවට අයත් බෝට්ටුවක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් කිලෝ 300ක්, ඒ.කේ. 47 ගිනි අවි 5ක් හා මිලි මීටර් 9 උණ්ඩ 1000ක් සමග මෙම යාත්‍ර්ාව අත්අඩංගුවට ගෙන තිබේ.

රවිහංසි නැමිත යාත්‍රාවේ ගමන් ගත් ශ්‍රී ලාංකියන් 6ක්ද ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් පසුගිය 25 දා අත්අඩංගුවට ගෙ තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්වූවන් එල්.වයි. නන්දන, එච්.කේ.ජී.බී, දේශප්‍රිය, ඒ.එච්.එස්. ගුණසේකර, එස්.ඒ සෙනරත්, ටී. රණසිංහ හා ඩී. නිශ්ශංක වෙයි. ඔවුන් අධිකරණ භාරයෙන් රඳවාගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles