හොරොයින් කිලෝ 2ක් සමග මොහොමඩ් සෙඩික් අත්අඩංගුවට


මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් නවතා පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ තිබී හොරොයින් කිලෝ 2.060ක් සොයාගත් බව පොලීසිය පවසයි.

ඊයේ සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්ඩංගුවට පත් සැකකරු අවුරුදු 51ක් වන මීගමුවේ  පදිංචි මොහොමඩ් සරුක් මොහොමඩ් සෙඩික් වෙයි. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 20කට අධික වෙයි.

 



Recommended Articles