හොර පාරෙන් කොළඹ යන්න ගිය එන්සාල් එස්.ටී.එෆ් දැලේ


පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී  සිදුකල මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා වාහන දෙකක් සමග අත් අඩංගුවට ගත් බව කියයි.

අදාල එන්සාල් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන විත් පසුව කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ සගවා තබා පසුව  එය ලෙලි නොගැසු පොල් තොගයක් තුළ කොළඹට ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ බුද්ධි නිළධාරින් විසින් ලබා දුන් තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් 16 අලුයම  අත් අඩංගුවට ගෙන තිබුනී.

පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටියේ කිලෝ 1300 කට ආසන්න එන්සාල් තොගය ආරක්ෂීත ලෙස සැකසු ජලය කාන්දුනොවන  පොහොර උර තුල බහා තිබු බවයි.

නාවික හමුදා නිළධාරින් ලබා දී තිබු මෙම බුද්ධි තොරතුර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දින ගනනාවක සිට රැක සිට 16 දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.



Recommended Articles