හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්


හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින්  තහවුරු කර ඇත.

දේහය අද(28දා)  පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර ලබන 31 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය ඊයේ (27දා) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවූවාය.



Recommended Articles