හෙරෝයින් ළඟ තබා ගත් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට


වැල්ලවාය පොලීසිය මඟින් ඊයේ  (30) සිදුකළ වැටලීමකදී හෙරෝයින් මිලි ග්‍රෑම් 300 ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය නුගයාය සහ  අඹකොළආර පදිංචි අවුරුදු විස්සත් විසිඑකක් වයසැති තරුණයින් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ හෙරෝයින්  අද  (31) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 



Recommended Articles