හෙරෝයින් සහ පිස්තෝල ගිනි අවියක් සමඟ තිදෙනෙකු පොලිස් දැලේ


දෙහිවල හා අඟුලාන පොලිස් වසම් වලදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරෝයින් ග්‍රෑම් 29යිමිලිග්‍රෑම් 300ක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගණි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ,

බර්ට්‍රම් හියු පොම්පියස් (අවු.38) සිරිසඟබෝ පාර දෙහිවල පදිංචි අයෙකි(බලපත්‍රයක් නොමැතිව මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ගිනි අවියක් ළඟ තබා ගැනීම)

කුමාර උන්නැහලාගේ ස්වර්ණසිරි ඩයස් (අවු.39) මැටිවත්ත රිවර්සයිඩ් අඟුලාන පදිංචි අයෙකි.(හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26ක් ළඟ තබා ගැනිම)

වනිගම්ණිගේ දුලිප් දයා කුමාර (අවු.34) දෙහිවල පදිංචි කරුවෙකි.(හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 300ක් ළඟ කබා ගැනිම.)

සංවිධාන අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles