හෙරෝයින් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට


බොරැල්ල පොලිස් වසමේ රුහුණු කලා මාවතේ දී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 450ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය වසය අවුරුදු 52ක් වු බොරැල්ල ප්‍රදේ‍ශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.

මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී ද හෙරොයින් මිලිග්‍රෑම් 02යි ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. ඇය වයස අවුරුදු 55ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඔවුන් අද (09) දින අ‍ධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Recommended Articles