හෙරෝයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට


බොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (11) උදෑසන 11.30 ට පමණ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක් අතරතුර එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

එම හෙරොයින් පැකට් 380 තුළ හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් තිබූ බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වු බේස්ලයින් මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය හෙට (12) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles