හෙරෝයින් සමඟ කතක් අත්අඩංගුවට


හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පෑලියගොඩ පොලිස් වසමේ නුගේපාර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවය.

සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 625ක් සොයාගෙන තිබේ. ඇය 39 හැවිරිදි කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ.

සැකකාරිය අද (18) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

 



Recommended Articles