හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා‌ගේ වැඩ තහනම්


බන්ධනාගාර නියාමකවරයෙක්ව හෙරොයින් පැකට් 96ක් සමග අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

සැකකරු මහර බන්ධනාගාරයට යන අතරතුර එහි දොරටුව අසලදී බන්ධනාගාර නිලධාරීන් විසින් සෝදිසි කර ඇති අතර එම අවස්ථාවේ ඔහු සතුව තිබී අදාළ පැකට් හමුවී තිබුණි.

ඔහුගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසිය විසින් සිදුකරන බවද චන්දන ඒකනායක මහතා පැවසීය.

 

 


Recommended Articles