හෙරෝයින් පැකට් 100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට


හෙරොයින් ග්‍රෑම් 5 ක් සහිත පැකට් 100 ක් සමග 30 හැවිරිදි පුද්ගලයෙක් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ  බදුල්ල නගර පුවරුව අසලදි අද  (14) අලුයම අත්අඩංගුවට ගත් බව  හාලිඇල පොලිසිය පවසයි .

මෙම හෙරෝයින්  පැකට් සියය ෂොපීං බෑග්වල අසුරා සිය පාදයන්හි කළවා ප්‍රදේශයට තබා  බැඳ කොළඹ සිට බදුල්ලට  බස්රථයකින් ප්‍රවාහනය කරමින්  තිබියදී ලැබුණ තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

බදුල්ල කටුපැලැල්ලගම පදිංචිකරුවෙක් වන  සැකකරු කාලයක් තිසසේ ගෙවල් බිදුම් සොරකම් සිදුකර එම මුදල් හෙරොයින් සදහා වැය කර  ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ  බව පොලිසිය පැවසීය  .

එම හොරකම් වලින් පසු ප්‍රදේශයෙන් පළාගොස්  නවගමුවේ නතරවී , වැල්ලම්පි‍ටියේ සිට හෙරොයින් බදුල්ලට ප්‍රවාහනය බෙදාහැර ඇති බවද  විමර්ශන වලදී අනාවරණය වු බවද පොලිසිය සඳහන් කළේය .



Recommended Articles