හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට


බදුල්ල පොලිස් වසමේ බෝගහමඩිත්ත ප්‍රදේශයේදි බදුල්ල දිසා සිෂමත්දුව්‍ය ඒකකයේ නිලධාරින් විසින්  ඊයේ (27) ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 885ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු.29ක්වු පූර්ණ වත්ත හාලිඇළ පදිංචි දිසානායක මුදියන්සේලාගේ තරංග පත්මසිරි යන අය වේ.

සැකකරු අද (28) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles