හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට


මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදි ඊයේ (14) සිදු කළ වැටලිමකදි හෙරොයින් ග්‍රෑම් 504ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවු. 55ක්වු මොහු මට්ටක්කුලියේ පදිංචි තිලක් පුෂ්ප කුමාර යන අය වේ.

සැකකරු අද දින මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මට්ටක්කුලිය පොලීසය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles