හෙරොයින් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයෙකු අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ අද ගම්පහ ,උඩුගම්පොළ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජිව නැමැත්තාගේ ගෝලයෙකු බව සදහන් වෙයි.

විවිධ අපරාධ රැසකට සම්බන්ධව සිටින මොහු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




Recommended Articles