හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට


හෙරොයින් ළඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයෙකු යාපනය, මාටින් වීදිය ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත යාපනය සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාර බන්ධනාගාර නියාමකවරයා කාලයක සිට තම නිල ඇඳුමට මුවා වී එම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

සැකකරු යාපනය බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු වන අතර ඔහු සතුව තිබී රුපියල් 360,000ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 45ක් සොයාගෙන ඇත.



Recommended Articles