හෙරොයින් සමඟ බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට


හෙරොයින් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර ජේලර්වරයෙක් පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී අද (19) අලුයම අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී සැකකාර බන්ධනාගාර ජේලර්වරයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සේවය කළ 37 හැවිරිදි දෙවන පෙළ ජේල්වරයෙකු බව වාර්තා වේ.

 



Recommended Articles